මිත්‍යා දැක්ම...

නිවැරදි යැයි රැවටී යම් මතයකට තදින් බැඳී සිටීම වේ... යථාර්ථයෙන් බැහැරවූ යමක් සත්‍යයක් ලෙසින් බාරගැනීම වේ... නිවැරදි ලෙසින් මිත්‍යා දැක්ම තෝරා නොගත් කල මහා අනර්ථයකටම මඟ පෑදේ... මිත්‍යා දැක්ම නියමාකාරයෙන් හඳුනාගැනීමට නිර්වාණ ධර්ම ඇසුර ලැබගන්න...

සැඟව ගිය සාමය

ආගමක් සුවපත්භාවය පිණිසයි... එහෙත් මෙකල ආගමක් යනු රෝගයකි... මිනිසත්බව දුරු කරමින් දැවෙන තරඟවදින එකිනෙකාට ගරු නොකරන්නාවූ අනුවණයන් බිහි කරන්නේ සැබෑ ආගමකින් නොවන බව වටහාගනු පිණිස මෙකල ප්‍රකට ආගම් දහම් තුලින්ම විවෘතව කරන විමර්ශණයක් මේ කොටස තුල ගැබ්වේ. දෙවියන්ගේ යැයි රැවටී තම තමන් අදහන්නාවූ යක්ෂයාගේ වැඩපිලිවෙල ප්‍රඥාවන්තව හඳුනාගන්නටත් පැටලුම හැරගෙන යහපතම සලසාගැනීම පිණිසත් විවෘත මනසකින් ප්‍රඥාවන්තව ඇසුරු කරන්නට සතුට සාමය පිරුණ යහපත් දෑ හි එකතුවකි!