නොදන්නා සුගතිය

මොකක්ද මේ සුගතිය කියන්නේ?  ඔව් දැනටමත් ඔබ දන්නවා සුගතිය කියන්නේ පැවැත්මේ දුක්ඛිත තත්වයන් එක්ක සසදා බලන විට තරමක් දුරට යහපත් වූ කොටසක් කියලා.  සුගතියට දිව්‍ය ලෝක සහ බ්‍රහ්ම ලෝකයන් අයත් වෙනවා.  සුගතිගාමී වෙන්නට නම් යහපත් දෑහි නිරත වෙන්නට ඕන කියලත් දැනටමත් ඔබට මූලික වශයෙන් දන්නවා.  එහෙම නේද?  ඉතින් මෙම කොටස තුලින් මේ සුගතිය පිළිබදව තරමක් දුරට කථා බහ කොට මෙහි දුක ඇතිවෙන්නේ කොහොමද කියලා සොයා බලන්නට කටයුතු කරමු.