මූලිකව තිබිය යුතු ගුණ

සැබෑ බුදු දහමේ හරය අත්දැකගන්නට ඒ සඳහා දත යුතු අත්‍යවශ්‍ය කරුණු කිහිපයක් තිබෙනවා.  මේ වන විට බුදු දහම ලෙසින් ප්‍රතිරූපක දහමක් අපූරුවට පිළිපදිමින් යන්නේ ඒ කොටස නොවිමසන නිසාම තමයි.  ඒ නිසා නිවැරදිව ගමන අරඹන්නට නම්... නිවැරදි විමුක්තිය ලැබගැනීමට නම්... බුදු දහමෙන් ලැබෙන සැබෑම සුවය අත්දැකගන්නට නම්... නිර්වාණය හෙවත් නිවන ලැබගන්නට නම්... අප තුල ලබාදිය යුතු පසුතලය සකසා ගන්නට අයුරුත්... ඒ ගැන දත යුතු මූලික කරුණුත් දැනගන්නට මේ කොටස තුලින් යොමු වෙමු.