කෘතවේදීත්වය...

අති දුර්ලභ ගුණයකි... යමෙක් හෝ යමක් නිසාවෙන් ලත් ලාභයට කෘතවේදීත්වය සපයන්නෝ පරම දුර්ලභයි... එහෙත් මේ කෘතවේදීත්වයෙන් හදවත පිරුණු විට ලැබෙන සැනසීම සතුට අපමණයි... සැබෑ අර්ථවත් කළගුණ සැලකීම ගැඹුරින් විග්‍රහ කරගැනීම පිණිස නිර්වාණ ධර්ම ඇසුර ලැබගන්න...

කෘතගුණ වරුණ

කෘතවේදීත්වය දැනිය යුතු බොහෝ දෑ අප ජීවිත තුල තිබේ... යහපත් වුවත් අයහපත් වුවත් සමහර අවස්ථාවන් සමහර පිරිස් අප වෙත ලබාදෙන්නාවූ බොහෝ දෑ කෙරෙහි කෘතවේදීත්වයක් දැනිය යුතුමය... එවන්වූ අතිදුර්ලභ ගුණයක් තුලින් නිවීම සැනසීම උදාකරගැනීමට මහත් පහසුවක්ම දැනේ... නිවන් මඟ සරු කරගන්නට අත හිත දුන් උතුමන් බොහෝමයකගේ වගතුග දැනගන්නටත් නිසි උපහාර දක්වන්නටත් මේ කොටස උපකාර වේවා!!!