සත්ධර්මය විමසීමට මත්තෙන්


“අපෝ අර හාමුදුරුවෝ මෙහෙම කියනවා... අර මෙහෙණින් වහන්සේ මේ විදියට විග්‍රහ කරනවා... ඒ අස්සේ ගිහියොත් එක එක ජාතියේ බණ කියනවා... මේ එක්කෙනෙක්වත් එකකට එකක් ගැලපෙන බණ කියන්නේ නෑනේ... ඔලුව විකාර වෙනවා මේ එක එක ජාතියේ බණ අහනකොට... කොහොමද තෝරගන්නේ මේවායෙන් බුදු හිමියන්ගේ නිවනට දෙසූ බණ මොකක්ද කියලා?... හොඳම දේ තමයි ත්‍රිපිටක පොත් ටික ඉගෙන ගෙන ඒවා කියවලා තම තමන්ගේ පාඩුවේ නිවන් මඟ වඩන එක...“ මෙන්න මේ තීරණය තමයි මේ වන විට බොහෝ දෙනෙක් අරගෙන තිබෙන්නේ. ඒත් පොත පත තුලින් දහම් අවබෝධය ලබන්නට හැකි නම් බුදු හිමියන් පෙන්වූ මග ඵල ලැබූවන්ගෙන් සැදුන රැකගන්නට යැයි කිවූ කළණ වැටක අවශ්‍යතාවය ඇතිවෙන්නේ නෑ. මේ කාලේ විතරක් තිබූ ගැටලුවක් නොවේ මෙය. බුදු හිමියන්ගේ කාලයේදීත් තිබුණා. හැමෝම කිව්වේ තමන් කියන්නේ බුදු බණ කියලා තමයි. හැමෝම කිව්වේ මේ දහම නිවන් දකින්නට උපකාර වෙනවා කියලා තමයි. එදත් එහමෙයි... අදත් එහෙමයි... මතුත් එහෙමයි... එය තමයි ස්වභාවය... ඉතින් තම තමන් ප්‍රඥාවන්ත වන තරමට මේවායෙන් හිත කලබල කරගන්නට අවශ්‍ය වෙන්නේ නෑ. මේ කාලේ දහම් තෝරාගන්නට අප තුල තිබිය යුතු ගුණයන් හැකියාවන් සහ දහම් තෝරාගන්නා ආකාරය දැනගැනීම පිණිස මේ සම්පූර්ණ කොටසම වෙන් කරමු! ප්‍රඥාවන්තව විමසා යහපත උදාකරගැනීම පිණිසයි!