රත්තරන් පිඟානක සැඟවුණු නිවන් මඟ

රත්තරන් පිඟානක සැඟවුණු නිවන් මඟ

කාලාම සූත්‍ර දේශනයේ ගැබ්වන ඉතාමත් ගැඹුරු වූත්, නිවීම පිණිස අවබෝධ කරගත යුතු අත්‍යවශ්‍යම කාරණාත්, ඉස්මතු වන ආකාරයෙන් සකස් කල රූපමය දහම් විග්‍රහය. නිවීම පිණිස අවබෝ්ධ කරගත යුතු සත්ධර්මය ශ්‍රවණය කිරීමේදී, විමසීමේදී අපතුල මානසිකත්වය කෙසේ සකස් විය යුතුද යන කාරණය නොදන්නාකම නිසාමත්, නොසැලකිලිමත්කම නිසාමත් අප බොහෝ පිරිසකට හේතු වාසනා තිබුණද නිවන් මඟ වැසී යනවා.  අන්න ඒ, අප විසින් සත්ධර්මය ඇසුරු කරන්නට පෙර දැනගත යුතුම අත්‍යවශ්‍ය කාරණා රැසක් මේ දහම් විග්‍රහය තුල ගොනුකොට තිබෙනවා. 

එමෙන්ම, අවබෝධයට පත්විය යුතු පංචස්කන්ධ ධර්මයත්, පංචඋපාදනස්කන්ධ ධර්මයත්, පටිච්ච සමුප්පාද ධර්මයත්, චතුරාර්ය සත්‍ය ධර්මයත්, ආයතන ධාතු ආදී ධර්මයත්, ත්‍රිලක්ෂණ ධර්මයත්, චිත්ත චෛතසික් ආදී ධර්මයත්, ආදී නිවන් මඟට අවබෝධයට පත්විය යුතු සත්තිස් බෝධි පාර්ශ්වික ධර්මයන් "රත්තරන් පිඟාන" තුලින් දැකගන්නේ කෙසේද යන්න උපමා කතාවක් තුලින්ම විග්‍රහ කර පෙන්වන්නට උත්සාහ කරන දහම් විග්‍රහයකි.  

කොතරම් සිද්ධාන්තයත් දැනගෙන සිටියත් අපට සෑම මොහොතකම ලැබෙන විවිධාකාර අරමුණු තුල ඒ නිවෙන දහම නුවණින් දැකගන්නට හැකියාවක් නොමැතිවුවහොත් ලැබෙන නිවීමක් නැතිබව අවබෝධ කරගැනීමටත්, ඒ කුසලතාවය... ඒ සිහිය කුමක්දැයි හඳුනාගැනීමටත්... මේ ශාසනය තුල ගැබ්වන ගැඹුර අත්දැකගැනීම පිණිසත් මේ දහම් විග්‍රහය සුළුවෙන් හෝ උපකාරයක්ම වේවි යැයි සිතමි.

සෙවිය යුතු පෙර නොඇසූ විරූ දහම කුමක්දැයි අප විසින් අනුමාන ඥානයකට හෝ පත්වීම මේ වගේ කාලයක ඉතාමත් වැදගත් වෙනවා.  ඒ දේ තෝරාගන්නට දක්ෂ නොවුනහොත් අප පත්විය හැකි අනතුර කාලාම සූත්‍රය වැනි ගැඹුරු සත්ධර්ම දේශනා තුලින් පැහැදිලි වෙනවා.  එහෙත්, බොහෝ පිරිසක් මේ අනතුර දැකගන්නට දක්ෂභාවය අඩුබව තමයි පෙනී යන්නේ.  ඒ නිසා නිවෙන්නට කැමැත්තෝ, සදහම් කැමැත්තෝ, ප්‍රඥාවන්තව ඇසුරු කර නිවී සැනසීමම උදා කරගනිත්වා යන සෙත් පැතුම ඇතිව මෙසේ හැකි උපරිමයට කෙටියෙන් නමුත් හඳුනාගත යුතු ගැඹුරු දහම් කැටි කර මේ රූපමය විග්‍රහය මෙසේ ලබා දෙන්නෙමි!  සියලු ලෝ සත නිවී සැනසෙත්වා!

"රත්තරන් පිඟාන" දහම් ගුරුවරයෙකු කරගෙන නිවී සැනසෙන මඟ දකිමු!!!