අර්ථය, ව්‍යාඤ්ජනය වෙනස්වූ කල

අර්ථය, ව්‍යාඤ්ජනය වෙනස්වූ කල

ප්‍රතිරූපක දහම් ලෙසින් හඳුනාගත් දහම් විග්‍රහ කරන පිරිස් හමුවේ, මේ වන ඉතාමත්ම ප්‍රකටව පවතින තර්ක වාද තිබෙනවා.  ඒ බහුතරයක් පිරිසට ඇති චෝදනාව තමයි ඔවුන් විසින් සත්ධර්මයට අදාලව ගත්  අර්ථය, ව්‍යඤ්ජනය පද බෙදීම් ආදී දෑ සම්මත ක්‍රමයට වඩා වෙනස්ව දේශනා කරනවා කියන කාරණය.  ඉතින් මේ තර්කවාදයන් කලහ වාදයන් බවට පත්වී මේ වන විට ඉතාමත් දරුණු ක්‍රමයන් අනුගමනය කරන්නට පවා බොහෝ පිරිස් යොමුවෙලා තියෙනවා.  මෙවැනි වෙනස් අර්ථ කියන්නාවූ ව්‍යාඤ්ජන කියන්නාවූ දේශකයාණන්වහන්සේලාට පමණක් නොවේ ඒවා අසන්නට යොමුවන පිරිසට දුටු තැන පහර දිය යුතුයි යන මහා විනාශකාරී අදහස්ද දරන පිරිස් මේ තුලින් බිහිවෙලා තිබෙනවා. 

සම්බුදු පියාණන්වහන්සේ විසින් මේ අනතුර දුටුවේ නැතිද?  දුටුවා!!! තුන්කල් දකින සම්බුදු ඥාණයෙන් මේ සියලු අනතුරු දැක සත්ධර්මය තුලින්ම විවිධාකාර අවවාද අනුශාසනා දුන්නා.  ඒ දේවල් විමසා බලා අපගේ ජීවිත වලට එකතු කරනොගත හොත් සම්බුදු ශාසනය විනාශ කරන ප්‍රතිරූපකයෙක් බවට පත්වෙන්නට තම තමන් විසිනුත් කටයුතු කරගන්න බව නුවණින් දැකිය යුතුයි.  සම්බුදු අඥාවට පිටින් කටයුතු කරමින් නිවන් මඟ අවුරාගන්නවා පමණක් නොවන දෙව් මිනිසුන් බඹුන් ඇතුලු ලෝක සත්වයාටමද මහා අවැඩක් අහිතක් දුකක් පිණිසම කටයුතු කරනවා!

අන්න ඒ නිසාම, ප්‍රතිරූපක හෝ වේවා අර්ථ, ව්‍යාඤ්ජන ආදී දෑ වෙනස් ආකාාරයකින් ප්‍රකාශ කරන පිරිස වෙත හෝ වේවා අනුගමන කල යුතු ආකාරය “කින්ති සූත්‍ර දේශනාව ඇසුරෙන්” සිදුකරන මේ විග්‍රහය කාල ශ්‍රවණය කර යහපතක් සිදුකරගන්නට ප්‍රඥාවන්තවන්න!

සූත්‍ර පිටකය - මජ්ඣිම නිකාය 3 (උපරිපණ්ණාසකය) – 1. දේවදහ වග්ගය - 3. කින්ති සූත්‍ර දේශනය - පිටුව 44 (පී.ඩී.ෆ් පිටුව 59)