නුවණින් නිමිත්තක් සේ මරණය නො දකින සාමාන්‍ය බහුතරයක් වූ ලෝක සත්වයාට ආයුෂ කියන්නේ මත් බවක්. “මට තාම ආයුෂ තියෙනවා” කියන්නේ සතුටෙන්. නමුත් එසේ කියන්නේ ම තමන්ගේ යථාර්ථය දැක ගන්නට තරම් සිහියක්, නුවණක් නො තිබූ නිසාමයි. තමන්ගේ ප්‍රියයන්ගේ ආයුෂ ගැන කියන්නේ සතුටෙන්.
අනතුරක් වුනා ම... ලෙඩක් දරුණුවටම හැදිලා සුව වුනා ම... මරණය පරාද කලා... “අනූ නවයෙන් බේරුණේ... නූලෙන් බේරුණේ... තාම මැරෙන්න නෑ... මාව එහෙම ලේසියෙන් මරන්න බෑ...” මෙන්න මේ වගේ කතා කියමින් මරණය ජය ගත්තා සේ හැසිරීම සැබැවින් ම ශෝචනීයයි. තමන් ඇවිදින මල මිනියක් බව නො දැක්ක, නො දන්නා ස්වභාවය මේ සෑම තැනක ම ප්‍රකට වෙනවා.
ඇත්ත ඇති සැටියෙන් දැක ගන්නට සිහියක් නෑ. පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින බාහිර වූ කාරණයකට යටත් වෙලා, ඒ දේම විශ්වාස කර ගෙන අසිහියට පත් වෙලා. මෙන්න මේ අසිහිය තුල ලැබෙන ඵලයට මත් වෙලා ඉන්නේ. ඒ තමයි “ආයුෂ කෙරෙහි වූ මත් වීම... ජීවිත මදය...” කියන කාරණා තුලින් පෙන්වන්නේ. ඉතින් මෙන්න මේ “ජීවිත මදය” ඉවත් වෙනවා මේ තෙවන නිමිත්ත ලෙසින් හඳුන්වන “මල මිනියක් නම් වූ නිමිත්ත” දකින විට.
ඒ නිසා නිමිති දැක ගන්නට නැණවත් ව තමන්ව ම විමසන්න !
පෙර පිටුවට
තෙවන නිමිත්ත දුටු කුමරු
මීළඟ පිටුවට
තෙවන නිමිත්තේ ගැඹුර