2016 ජනවාරි - අනුරාධපුර

අපේ පළවෙනි වන්දනා චාරිකාව මෙයයි. ඓතිහාසික අනුරාධපුර නගරයට එකමුතුව පිරිසක් ලෙසින් ගොස් මහා පින්කමක් කරගන්නට ශ්‍රී ලාංකීය බිහිරි ප්‍රජාවට ලැබුණු පළවෙනි අවස්ථාවද මෙයයි!

2016 ජනවාරි - අනුරාධපුර

  15 ජනවාරි 2016

2016 ජනවාරි මස 15 සහ 16 දෙදින ශ්‍රී ලාංකීය බිහිරි ප්‍රජාවට ඉතාමත් සුවිශේෂී දිනයක් වුනේ ඔවුන් බොහෝ පිරිසකට ප්‍රථම වරට අනුරාධපුර නගරයට යන්නට අවස්ථාව උදාවූ නිසාම නොවේ.  පිරිසක් වශයෙන් එකට එකතුව මහා පින්කමක්ද සිදුකරගන්නට ඔවුන්ට හැකි වුණා.  රුවන්වැලි මහා සෑයට වටතිර පූජාවන් ඇතුලු මහා පූජාවන් රැසක්ම ඉටු කරමින් ඉතාමත් පින්බර ආශිර්වාදාත්මක දින දෙකක් ලැබගන්නට බිහිරි ප්‍රජාවට අවස්ථාව උදා වුණා.  මේ දෙදින සාර්ථක කරගන්නට අතහිත දුන් සැමටම අසීමිතව සෙත් පතන අතරම ඒ පින්බර අවස්ථාවන් දැකබලාගන්නට මේ කොටස තුලින් ඔබටද අවස්ථාව ලැබෙනවා!

 

විශේෂ දහම් වැඩසටහන්