ශ්‍රී ලංකා පින්බිමෙන් ලබන සඝ ගුණ වරුණ


මෙම කොටස තුලින් මූලික වශයෙන්ම බෙදා හදාගන්නේ මා වැඩිපුරම ඇසුරු කරන භික්ෂූණ්වහන්සේලා කීප දෙනෙක් ගැන පමණයි. වැඩිපුරම ඇසුරු කරනවා කිව්වේ පෞද්ගලිකව නම් නෙවේ. උන්වහන්සේලා පවත්වන්නට යෙදෙන පොදු දේශනා ආදියට සම්බන්ධවීම හැරුණු කොට කීපවතාවත් නිවන් මාර්ගයේ ඇතිවූ බාධක විසදාගැනීමේ අරමුණින් වචන කීපයක් හුවමාරු කරගන්නට අවස්ථාවත් ලැබී තියෙනවා. ඉතින් මේ කොටස උන්වහන්සේලා අපට ලබාදෙන කළ්‍යාණ මිත්‍ර සේවනය වෙනුවෙන් කෘතෝපහාරයක්ම වේවා! මේ පින්වත් කළණ මිතුරු ඇසුර ලැබ නිවී සැනසෙන්නට සඳහම් කැමති ඔබටද හැකිවෙත්වා!