නිවන යනු කුමක්ද?

  01 ජනවාරි 2012

නිවන යනු කුමක්ද? Copyright Claims

නිර්වාණය, නිවන, නිබ්බාණය, ආදී බොහෝ නම් වලින් හඳුන්වන නිවන කුමක්දැයි සාරාංශයක් වශයෙන් දැනගන්නට තමයි මේ යොමු වන්නේ.  මොකක්ද මේ නිවන කියලා ඇහුවට මෙය මේ විදියට දත්ත වලින් පෙන්වා දෙන්නට හැකි දෙයක් නොවෙයි.  එසේ දත්ත වලින් නිවන් දුටු පිරිස් නිසාම මේ වන විට බුදු දහම මෙන්ම වත්මන් බොදුනුවන් යැයි පවසන පිරිසද අතරමංව සිටිනවා.  

නිවනේ ස්වභාවය කෙටියන් මෙසේ දැනගනිමු...

පැවැත්මක් සකස් කරන සියලු බන්ධන්ගෙන් ලබන නිදහස නිවීමයි...

නොදැන හසුවී අතරමංව ඇති මායා මුලාව හඳුනා ගැනීම තුල නිවීමයි...

දැවෙන සිත තුල දාහ ගිනි දැල් නිවී යන විට ලැබෙන සිසිලස නිවීමයි...

අධික පිපාසය සංසිදෙන විට දැනෙන සැනසීම සේ නිවිමයි...

නොදන නින්දක ඉන්නා බවක්... රැඳෙනා සිහින ලෝකයක් හඳුනාගෙන නුවණින්

අවදි වන විට දැනෙන නිදහස නිවීමයි...

ඇසෙන්, කණ, දිව, නාසයෙන්, කයෙන් ගත් දත්තයෙන්... 

සිතා බලා ගත් තීරණයෙන් සකස් වූ මනහර ලෝකයෙන්...

ලැබෙන නිදහස දැනෙන නිදහස නිවීමයි...

පෙර කිසිකලක නොඇසූ නොදැන සිටි දහමක් තුලින් ලැබෙන අවදිය නිවීමයි...

තමන්ගෙන්ම ලබනා තමන්ව හඳුනාගෙන ලබනා... 

පෙර නොදුටු “මම“ දැක “මගෙන්“ම ලබනා විමුක්තිය නිවනයි...

ඉතින් මේ ආකාරයෙන් කොතරම් නම් කියන්නද... අත්දකින තුරු දැනගන්නට නම් නොහැකි වේවි... ඒ නිසා දැනට දන්න තත්වයන්ගෙන් මෙය වෙන්න ඇති නිවීම කියලා හඳුනාගැනීමත් අනුවණකමක්මයි... 

දන්නා දෙයකින් උදාහරණයක් ගතහොත් ආදරය කියන්නේ විග්‍රහ කරන්නට හැකි දෙයක් නෙවේ.  ආදරය ඇතිවෙනතාක් එය කුමක්දැයි කියන්නටත් කිසිවෙකුටත් නොහැකියි.  ඒ හැඟීම විස්තර කරන්නට අපහසුයි.  ඒ වගේ හැඟීම් වලින් ලබන නිදහස නිවීමත් ඒ වගේ.  අත්දැක්කොත් දැක්කා... නැතිනම් ඉතින් හිතලා විග්‍රහ කරගන්නට හැකි දෙයක් නෙවේ.  ඒත් අත්දැක්ක විට එය තමයි නිවීම කියලා හඳුනාගන්නටත් හැකිවෙන දෙයක් තමයි මේ අපුරු නිදහස!

ඒ නිසා මෙතෙක් අත්දැක්ක දේවල් වලට වඩා අත්නොදැක්ක දේ තුල තිබෙන අපූර්වත්වය දැනගන්නට ඔය වටිනා මිනිස් ජීවිතයෙන් කැප කලාට පාඩුවක් නම් සිදුවන්නේ නැති බව විශ්වාසයි!

මෙවැනි සඳහම් ඇසුර වැඩියෙන් ලබනට පිවිසෙන්න;