පැවැත්ම සහ නැවැත්ම

  24 අප්‍රේල් 2022

නෙළුම් විල තුල අල මල් ගැන වද පෙන පාර්ශව අතර අපත් සිටියා.  සසර කිව්වේ ම ඒ පොරයට තමයි.  ඒ මල් වෙනුවෙන්... අල වෙනුවෙන් මිනී මරා ගත්ත වාර අනන්තයි අප්‍රමාණයි! ඒ මල් අල අනුන්ට නොවේවා මට ම වේවා කියලා බලහත්කාරයෙන් සොරකම් කරමින් අයිති කර ගත්ත වාර අනන්තයි අප්‍රමාණයි!  ඒ මල අල වංචනික ව භුක්ති විදීම්...  ඒ වංචාවන්ට එරෙහිව අරගල කිරීම් සිදු කල වාර අනන්තයි අප්‍රමාණයි! ඒක තමයි මේ විලේ ස්වභාවය.  එයින් යැපෙන තාක් පොර කන්න ම වෙනවා.  සාධාරණ අසාධාරණකම් ඒ විල මත යැපෙන තාක් පමණයි!

ඔබ දන්නවද මේ ලෝකයේ සියල්ලෙන් සියල්ල දන්නා සර්වඥයන් වහන්සේ වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා මේ විල ඇතුලේ පොරයේ සාධාරණ අසාධාරණයන් ගැන විග්‍රහ කර දුන්නේ කොහොමද කියලා?

ඔව්... හේතු ඵල දහම... හේතුවට අනුවයි ඵලය.   හේතුව සකස් කරන ක්ෂණයේ දී ම ඵලය සකස් වී අවසන්. 

යමෙක් මේ විල තුල තමන්ටත් අනුන්ටත් හානි වන ආකාරයේ ක්‍රියාවක් කලා නම්, වදනක් කිව්ව නම්, සිතිවිල්ලක් සිතුවා නම් ඒ අනුව ඵලය ඒ මොහොතේ ම සකස් වෙනවා.  තවත් විදියකට කියනවා නම්;

“යමෙක් යම් වරදක් යැයි සම්මත දෙයක් කරන මොහොතේ දී ම එයට ගෙවිය යුතු දඬුවමේ ගිවිසුමට අත්සන් තබා අවසන්!”.

උදාහරණයකට ඔබ ඔබට නුදුන් දේ සොරකම් කරන මොහොතේ දී ම ඒ සොරකම වෙනුවෙන් ඔබ වැය කල ශක්තිය මත ඔබ දඬුවම් ලබන කාලය, ඔබ ලබන දඬුවමේ ස්වභාවය, ඔබ ඒ දඬුවම තුලින් කොතරම් විඳවිය යුතු ද, ආදී සියල්ල තීරණය වී අවසන්.  ඔබට එය සාමාන්‍ය බාසාවෙන් “ස්වභාව දහමේ නීතිය” කියලා කියන්න පුළුවන්.  “ස්ව - භාව - දහම” ඒ කියන්නේ “තමන් සකස් කල බව සහ එය දරා ගෙන සිටින බව” “තමන් හොර බව දරා ගෙන සිටිනවා” නම් ඒ භවයට නියමිත ඵල විපාක වලටත් මුහුණ දෙන්නට ම සිද්ධ වෙනවා.

ඉතින් විලේ බැස ගෙන මල් අල එක්ක ඔට්ටු වෙන බහුතරයට මේ ගැඹුරු දහම් විමසන්නට වෙලාවක් නෑනේ.  පොර කන එක තමයි දන්න එකම දේ.  එතකොට මගේ උරුමය හොරා ගත්තා කියලා හොරකම දරා ගත්තවුන් එක්ක ඔට්ටු වෙනවා.  මිනී මරා ගන්නවා.  මීනී මැරූවන් සමඟ ඔට්ටු වෙනවා. දැන් මෙතැනදි ‌මේ බහුතරයට නොදැනෙන යමක් සිද්ධ වෙනවා. 

ඒ තමයි ඒ යම් වරදක් කලා වූ පිරිසට ඒ අයගේ වරදට නියමිත වූ ගිවිසුමට අදාල වූ දඬුවම ට අමතර දඬුවමක් තමයි මේ මතුපිටින් දකින අනෙක් පිරිස දෙන්නේ. 

එතකොට මොකද වෙන්නේ?