නිරය සහ එහි පිහිටීම

නිරය හෙවත් නරකයේ කොටස් 136ක් තියෙනවා.  අටමහා නරකයන් ලෙසින් අටක් අනන්ත වූ දුක් විඳින්නට තිබෙන මේ අට මහා නරකයන් හැරුණු කොට තවත් ඔසුපත් නරක ලෙසින් නරකයන් 128ක් පිළිබඳව සඳහන් වෙනවා.  ඉතින් ධර්මයේ සඳහන් වෙන පරිදි මේ අටමහා නරකයකට හතර පැත්තෙන් හතර බැගින් මේ කියන ඔසුපත් නරක පිහිටනවා.  ඒ කියන්නේ අටමහා නරකයන්හි එක් නරකයට ඔසුපත් නරක 16 බැගින් තියෙනවා.  ඒ අනුව තමයි අටමහා නරකයන් හැරුණු කොට 128ක් ඔසුපත් නරක ලෙසින් තිබෙන්නේ.  

ඉතින් මෙලෙසින් ප්‍රධානම 136ක් ලෙසින් නම් වශයෙන් නිරය විස්තර තිබුණද ව්‍යාසමූනීගේ “ප්‍රනීත පද්ම පුරාණය“ හි විසි අට කෝටියක් (280,000,000) නිරයන් ඇතැයි කියලා සඳහන් වෙනවා කියලා මම කියවූ දහම් ලිපියක ස්වාමීන්වහන්සේ කෙනෙක් සඳහන් කරලා තිබුණා.  (දිනමිණ - ආලෝකෝ උදපාදී 2009 සැප්තැම්බර් මස 09 වෙනි බදාදා 06 වෙනි පිටුව “වැටුණොත් එකසිය සතියක් නිරයේ“ නමින් හබරකඩ සෝරත හිමියන් විසින් ලියා තිබූ ලිපිය).   

ඉතින් මෙන්න මේ කියන පිනක්වත් කරගන්නට කිසිම අවස්ථාවක් නැති මේ 136ක් වන නිරය / අපාය / නරකයන් මොනවාද කියලා පොඩ්ඩක් බලමුකෝ නේද?   

ඒවා නම් වශයෙන් සඳහන් කරනවා නම් මෙසේයි;   

අටමහා නරකය;   

ඔසුපත් නරක 128; 

අබ්බුද | නිරබ්බුද | අබබ | අටට | අහහ | කුමුදු | සෞගන්ධිකඋප්පලපුණ්ඩරිකපදුමඛාරෝදිකාසෝණඛාදකගිප්ඣකාකසත්තිසුලබග්ගසීරුපහාසසිත් අඟුරුමැලදළකොහොල්මැළපොකුරුපත් සාකුණිකඕරම්භීත අසීලෝමසත්තිලෝමඋසුලෝම රථාවාරිකසුවකගාමකූටගූථකූපමිල්හගබ්භපාණහිංසකාකෝල වේලුනදසඤ්විච්චිමහාජාල ඒකකල්පද්විකල්ප තයෝකල්පචතුකල්පපඤ්ජකල්ප බාරසකල්පතේරසකල්පචුද්දකල්පපඤ්වදසකල්පසෝළසකල්පඅචිවන්ත වන්තරඋච්චාරුල්හආරාමදුසකහිදග්ගි ගොමුත්තග්ගි තසිතග්ගිසයනග්ගි තෙලග්ගිනූට්ඨූභග්ගිපරභණ්ඩාහර විරහිතග්ගි කෝධග්ගිඑරුසග්ගි | විලසග්ගිඋභතග්ගිතෙලහතඝටිතග්ගියක්ඛග්ගිමූසග්ගි නිවාරිතග්ගි උරචක්‍රමාලාසුමතාපනපුජග්ගි තිප්පා කටුකග්ගිකූක්කූටග්ගි ලාභූපක්කමකිලෙසග්ගිඉන්ද්‍රිය අගුත්තද්වාරකුසග්ගි මංසපේශීසුනඛකාලහත්ථි මහායන්තසජෝති සංසවකඅංගාර පබ්බතගූථනදි කූටකාරිසීතනදි ගූථ |  කුක්කුල කුළුහිඹුල්වනඅසිපත්‍රවනවේතරණි ලෝකුඹුඅලුකුඹු කිහිරඟුරු රෝරුවගොපාන පසුඝාත සීතතරච්ජිනිච්ජවි මංකුලිත්ථාකා ශකිලිනීඅසීසකපරලාභනච්චවාදකඡ කල්පසප්ත කල්පඅට්ඨ කල්පනව කල්පදශ කල්පඒකාදශ කල්පමුත්තකරිසග්ගි දුසමාලග්ගි අනුපට්ටිතග්ගි භූතග්ගි විපරිතග්ගි කුම්භග්ගි මහඟුලෝම දිට්ඨානුගතග්ගි හස්සාධිප්පායපතිතාන දේහග්ගිඋදුන්ජාරිකා මුප්පමුසලග්ගිපත්තග්ගිඑලමූලග්ගි ජඩ්ඩිතග්ගිඔසක්කතාප අපච්චවෙක්ඛිතග්ගි කුලදූසනග්ගිවෙරළඅයෝගුල      

දැන් ඉතින් මේවායේ දිග පළල විස්තර සඳහන් වෙන ආකාරයත් පොඩ්ඩක් දැනුවත් වෙමුකෝ... 

සංජීව - දිග යොදුන් 1000 X පළල යොදුන් 1000 X ගැඹුර යොදුන් 1000 

කාලසූත්‍ර - දිග යොදුන් 1000 X පළල යොදුන් 1000 X ගැඹුර යොදුන් 1000

සංඝාත - දිග යොදුන් 1000 X පළල යොදුන් 1000 X ගැඹුර යොදුන් 1000

රෞරවය - දිග යොදුන් 1000 X පළල යොදුන් 1000 X ගැඹුර යොදුන් 1000

මහා රෞරවය - දිග යොදුන් 1000 X පළල යොදුන් 1000 X ගැඹුර යොදුන් 1000

තාපය, ප්‍රතාපය, අවීචිය, අබ්බුද, නිරබ්බුද, අබබ, අටට, අහහ, කුමුදු, සෞගන්ධික, උප්පල, පුණ්ඩරික, පදුම, ඛාරෝදිකා, සෝණඛාදක, ගිප්ඣකාක, සත්තිසුල, බග්ගසීරු, පහාස, සිත්, අඟුරුමැල, දළකොහොල්මැළ, පොකුරුපත්, සාකුණික, ඕරම්භීත, අසීලෝම, සත්තිලෝම, උසුලෝම, රථාවාරික, සුවක, ගාමකූට, ගූථකූප, මිල්හගබ්භ, පාණහිංස, කාකෝල, වේලුනද, සඤ්විච්චි, මහාජාල, ඒකකල්ප, ද්විකල්ප, තයෝකල්ප, චතුකල්ප, පඤ්ජකල්ප, බාරසකල්ප, තේරසකල්ප, චුද්දකල්ප, පඤ්වදසකල්ප, සෝළසකල්ප, අචිවන්ත වන්තර, උච්චාරුල්හ, ආරාමදුසක, හිදග්ගි, ගොමුත්තග්ගි, තසිතග්ගි, සයනග්ගි, තෙලග්ගි, නූට්ඨූභග්ගි, පරභණ්ඩාහර, විරහිතග්ගි, කෝධග්ගි, එරුසග්ගි, විලසග්ගි, උභතග්ගි, තෙලහත, ඝටිතග්ගි, යක්ඛග්ගි, මූසග්ගි, නිවාරිතග්ගි, උරචක්‍රමාලා, සුමතාප, නපුජග්ගි, තිප්පා කටුකග්ගි, කූක්කූටග්ගි, ලාභූපක්කම, කිලෙසග්ගි, ඉන්ද්‍රිය අගුත්තද්වාර, කුසග්ගි, මංසපේශී, සුනඛ, කාලහත්ථි, මහායන්ත, සජෝති, සංසවක, අංගාර පබ්බත, ථූසනදි, කූටකාරි යන නිරයන් දිග යොදුන් 100 X පළල යොදුන් 100 X ගැඹුර යොදුන් 100 මේ නරකයන් සිසාරා ගිනිගෙන දිලිසෙන යොදුන් 9ක් ඝනකම ඇති යකඩ පවුරකින් හා යොදුන් 9ක් ඝනකම ඇති යකඩ පියනකින් ආරක්ෂිත බවත් සඳහන් වෙනවා.  

සීතනදි - දිග යොදුන් 50 X පළල යොදුන් 50 X ගැඹුර යොදුන් 50

දිග යොදුන් 60 X පළල යොදුන් 60 X ගැඹුර යොදුන් 60 ගූථ, කුක්කුල, කුළුහිඹුල්වන, අසිපත්‍රවන, වේතරණි, ලෝකුඹු, අලුකුඹු, කිහිරඟුරු, රෝරුව, ගොපාන, පසුඝාත, සීතතරච්ජි, නිච්ජවි, මංකුලිත්ථාකා, ශකිලිනී, අසීසක, පරලාභ, නච්චවාදක, ඡ කල්ප, සප්ත කල්ප, අට්ඨ කල්ප, නව කල්ප, දශ කල්ප, ඒකාදශ කල්ප, මුත්තකරිසග්ගි, දුසමාලග්ගි, අනුපට්ටිතග්ගි, භූතග්ගි, විපරිතග්ගි, කුම්භග්ගි, මහඟුලෝම, දිට්ඨානුගතග්ගි, හස්සාධිප්පාය, පතිතාන දේහග්ගි, උදුන්ජාරිකා, මුප්පමුසලග්ගි, පත්තග්ගි, එලමූලග්ගි, ජඩ්ඩිතග්ගි, ඔසක්කතාප, අපච්චවෙක්ඛිතග්ගි, කුලදූසනග්ගි, වෙරළ, අයෝගුල 

 මේ කියන්නා වූ එක් එක් නරකයන් / අපායන් / නිරයන් පිළිබඳව ධර්මයේ සඳහන් වන ආකාරයට විස්තර කෙසේද කියලා ඉදිරියටත් විමසා බලමු.