කුණු හා බැදී...

  08 අගෝස්තු 2013

දැන් ඉතින් අනේ මේ පණුවෝ කෘමින් කරන වැඩ පිළිවෙලෙයි ඔබගෙයි වෙනසක් එහෙම පේනවද?  කඩෙන් ද්‍රව්‍යයක් අරගෙන ආවා. 

ඒකෙන් ආශ්වාද ලැබෙන්නට ලැබෙන්නට ඒ ද්‍රව්‍ය වස්තුවක් බවට පරිවර්ථනය කරගත්තා.  දැන් ඉතින් ඒ කැමැත්තක් ඇතිකරගෙන වස්තුවක් කරගත්තේ අස්ථිර වූ වෙනස්වීමට ලක්වී විනාශ වෙලා යන ද්‍රව්‍යයක් නිසාවෙන් මේ දේ නැතිවෙයි කියලා බියක් සැකයක් හැමතිස්සේම සිත පෙලනවාද නැත්ද?  සමහරවිට බණක් අහන්නවත් යන්න හිතෙන්නේ නෑ මේ දේ රැකගන්නට ඕනයි කියලා හිතෙන නිසා.  සමහර අය ඉන්නවා නෑදෑ ගෙදරකට යන්නේ නෑ... වන්දනා ගමනක් යන්නේ නෑ... පෝයට සිල්ගන්න යන්නේ නෑ... ඇයි මේ?  ගෙදර තියෙන කුණු ගොඩ නැතිවෙයි කියලා බයේ... හ්ම්!!! හරි ගැටලුවක් තමයි නේද දැන් වෙන්නේ?

ගෙදර මේ වගේ වස්තු / කුණු වැඩිවෙන තරමටම සොරසතුරු බිය, මර බිය, ස්වභාවික විපත් බිය කියන්නාවූ නොයෙක් ආකාරයෙන් මේ දේවල් අහිමි වීමේ ප්‍රවණතාවයක් තියෙන්නා වූ බියක් සැකයක් නිසාවෙන් සිත පෙලෙනවා නේද?  කුණු වලට කෘමීන් පණුවෝ ඇදෙනවා වගේම තමයි ඔබ ඔය ආශාවෙන් රැස්කරගන්නාවූ ද්‍රව්‍ය ටික ඔබ වගේම වස්තුවක් ලෙසින් දකින පිරිසක් ඕනෑ තරම් ඉන්නවා.  ඒ අතරමින් අර පහර දෙන්නට වුණත් සැරසෙන කෘමීන්වගේ ජීවිතයක් නැති කරන්නට වුණත් ඒ අය පසුබසින්නේ නෑ. 

ඔන්න දැන් ඔබ වැඩි වැඩියෙන් කැමැත්තෙන් ගෙදර පරිස්සම් කරන්නාවූ වස්තු කරගෙන ඇති ද්‍රව්‍ය ගැන සිතලා බලන්න ඕන හොඳද?  එතකොට දැන් ඉතින් ගෙදර කුණු එකතු කරගෙන අසහනයට පත්වෙලා, දුකට පත්වෙලා, මහා කරදරරැසකට මුහුණ දෙන එක මහා පිස්සුවක් කියලා හිතුණ ඔබට දැන් මොකක්ද හිතෙන්න ඕන?  වෙනසක් එහෙම පේනවද?

ඔන්න දැන් ඉතින් හිතන්න මේ විදියට පිස්සු වැඩපිලිවෙලක් කර කර ඉන්නවද?  නැතිනම් එයින් මිදෙන වැඩපිලිවෙලක් අනුගමනය කරනවාද කියලා.  මගේ නම් අවශ්‍යතාවය සියලු දුක් කෙලවර කරගෙන සැනසීමක් සතුටක් සහනයක් ලබාගැනීමයි.  ඒ නිසාම මගේ මේ පිස්සු වැඩපිලිවෙල තේරුම් අරගෙන එයින් මිදෙන්නට හැකි උපරිමයෙන් මනස මෙහෙයවීමක් තමයි මම කරගන්නේ.  එයින් ලැබෙන ප්‍රතිඵලය සැබෑම සතුටක්, සැනසීමක්ම මිසක් අන්කවරක්වත් නෙවේ කියලා දන්නෙත් මමම තමයි.  ඒ වගේ තමන්ගේ අත්දැකීම තෝරාගන්නට උත්සාහ කරන්න ඕන... තේරුණා නේද?