ගැලපෙන විදියට දෙන්න

  08 අගෝස්තු 2013

ඒ වගේ අල්ලාගෙන දන් දෙනකොට දෙන්නට කලිනුත් සිත මහා කුකුසක, අසහනයක ඒ වගේම දෙන වේලාවෙත් එසේමයි දුන්නට පස්සෙත් එහෙමයි... දැන් ඉතින් දුන්න දෙයක් නෑ අන්තිමට... අතහැරීමක් වෙනුවට දානය නිසාවෙන්ම මහා පාපකර්මයන් රැසක් ලංකරගෙන සතර අපායට පාරත් කපාගෙන කිව්වොත් ගැලපෙනවා.  අන්න ඒ නිසාම තමයි අවබෝධයෙන් තොරව කොච්චර පින්දහම් කලත් එයින් සුගතිගාමී වෙන්නට හැකි පිරිස නියපොත්තක් මතට ගන්නා වැලිකැට කීපයක් හා ප්‍රමාණයකට සමාන වෙලා තියෙන්නේ.  සතර අපාගත වෙන්නා වූ පිරිසම බහුල වෙලා තියෙන්නේ අන්න ඒ නිසාමයි. 

"නිර්වාණ ධර්ම" කියලා වෙබ් අඩවියට නම් තබා තිබෙන්නේ නිකමට ලස්සන නෙවේ.  එයින් මා උපරිම උත්සාහ කරන්නේ යමක් ඵල කරනවා නම් ඒ සෑම දෙයකින්ම කෙනෙකුට නිවෙන්නට හැකි දහමක් ලබාදෙන්නටයි.  නිවෙන්නට හැක්කේ කෙසේද කියලා පහදා දෙන්නටයි.  ඒ නිසා පිනක් කරගන්නට අවස්ථාවක් දෙනවා නම් එයත් නිසි ලෙසින් කරගන්නට විනා ඒ තුලිනුත් දැවෙන්නට මංපෙත් විවර නොකරන්නයි මගේ චේතනාව. 

ඒ නිසාම මේ සටහන් තබා තිබෙන්නා වූ දෑ තුලින් ඔබගේ ජීවිතයට උපරිම ප්‍රයෝජන ලබාගැනීම ඔබ ඔබටම කරගන්නාවූ යහපතක් යුතුකමක් වෙනවා.  ටිකක් හිතන්න මේ වගේ පැහැදිලි කරලා තිබෙන්නා වූ යමක් ඔබ කියවන්නට යෙදුනා කියන්නේ නැවත ඔබට කියන්නට බෑ "අනේ මේ දේවල් තේරුම් කරලා දෙන්නට මට කව්රුත් හිටියේ නෑනේ... ඒ නිසා මට අපායට යන්න සිද්ධ වෙනවානේ..." ආදී වශයෙන් කියලා.  එහෙම නේද?  ඔන්න දැන් ඔබට කියවන්නට අවස්ථාව ලැබුණා.  තව තවත් පැහැදිලි කරගන්නට අවශ්‍ය නම් පෞද්ගලිකව වුණත් කථා කරන්නට කියලා අවස්තාව සලසා දී තියෙනවා.  මා දන්නා දෙයක් ඔබත් සමග බෙදාගන්නේ මේ සසර ඉතාමත් දුක් සහිත මහා අනතුරක්ම නිසාම මිසක් අන් කවරක්වත් නිසා නොවේ. 

මම කරපු පිස්සු දේවල්, මෝඩකම් තවමත් කරන්නාවූ මෝඩකම් හොදින්ම වටහාගෙන සිටින නිසාම තමයි ඒ දේවලින් මාව මුදවාගන්නට යොදාගන්නාවූ සාර්ථක යම් ක්‍රමයක් වේ නම් ඔබත සමඟ මෙසේ බෙදා ගන්නේ.  සමහරවිට 100%ක්ම ඔබට නොගැලපෙන්නටත් අවස්ථාව තියෙනවා.  මන්ද ධර්මය කියන්නේ එකිනෙකාගේ චරිත ස්වභාවය මත යොදාගන්නට හැකි තම තමන් අල්ලාගෙන සිටින්නා වූ දෑ තමන් විසින්ම තෝරාගෙන ඒ අනුව ක්‍රමවේදයන් යොදාගත හැකි ක්‍රමයක් නිසයි. 

මේ ආකාරයට දානය දීම කී දෙනෙකුට සාර්ථකව කරගන්නට හැකිවේද යන්න මම දන්නේ නෑ.  ඒත් ධර්මයට අනුව, සූත්‍රයට අනුව, විනයට අනුව දානය දිය යුතු ආකාරය ඔන්න ඉතින් මම සටහන් තබා තියෙනවා.  ඉදිරියේදී අවස්ථාව ලැබෙන පරිදි තවත් විස්තර එකතු කරන්නම්කෝ.  ඉතින් නැවතත් කියන්නේ ඔබ ඉහත ආකාරයෙන් සැබෑම අතහැරීම ප්‍රගුණ කරමින් යමක් දුන්නා නම් ඒ පින කුසලය ප්‍රතිඵලය ඔබටමයි.  යමෙක් ඒ ලබාගත්ත දේ අනිසි අයුරින් යොදාගන්නවා නම් ඒ කරන දේහි ප්‍රතිඵලය ඒ පුද්ගලයාටයි.  ඒවා සොයා බලා දඩුවම් දෙන්න කම්පාවෙන්න කටයුතු කරන්නේ ධර්මය නිසි ලෙසින් ඇසුරු නොකරන්නා වූ මේ දේවල් අවබෝධකරගන්නා අපොහොසත්වන්නාවූ පුද්ගලයන්ම පමණයි.  හැමදෙයක්ම සිද්ධ වෙන්නේ හේතු ඵල රටාවට අනුවමයි.