තවත් කථා

  01 පෙබරවාරි 2013

පූර්වප්‍රේත කථා - පෙර ප්‍රේතයන් වූවන් ගැන කරන කථාවන් මෙතැනදී මට නම් හිතෙන්නේ මේ වගේ අදහසක්.  අප ධර්මය තුලත් ප්‍රේතයන් පිළිබදව කථා කරනවා.  සසර බිය ඇතිකරගැනීම පිණිස මේ සතර අපාගත සත්වයන් පිළිබදව කථා කරනවා.  ඒත් මෙතැනදී අදහස් කරන්නේ එවැනි කථා නොවන බවයි මට නම් හිතෙන්නේ.  "පූර්ව" කියලා වචනයක් යොදාගෙන ප්‍රේත කථා කියන්නේ සමහර අවස්ථාවල අපි පූර්ව නිගමනයන්ට පත්ව කරන කථාවන් විය හැකියි.  ඒ කියන්නේ යම් මනුස්සයෙක්ගේ චරියාව දිහා බලාගෙන ඒ පුද්ගලයාව විවේඡනය කරනවා "මේ මනුස්සයා නම් පෙරේතයෙක්ම තමයි වෙන්නේ" කියලා.  අන්න ඒ වගේ පූර්ව නිගමනයන් සහිතව තවත් පුද්ගලයෙක් මේ ප්‍රේත අත්බැවයක් ලබාවි යනාදිය ගැන කථා කිරීම සැබැවින්ම නුසුදුසු දෙයක්.  එය තුලින් රාග විනය, ද්වේශ විනය, මෝහ විනය වෙන්නේ නෑනේ.  ඒ වගේම අපි පූර්ව නිගමනයන් ගන්නේ බාහිර ස්වභාවයක් අධ්‍යනය කරලා මිසක් සම්මා සම්බුදු පියාණන්වහන්සේ වගේ සියලු දේ තතු සේ දන්නා ඥානයකින් නෙවේනේ.  මෙන්න මේ නිසාවෙන් මේ අදහස ඇතිව මේ "පූර්ව ප්‍රේත කථා" නොකල යුතුයි කියලා පෙන්වා දුන්නා කියලා තමයි මටනම් හිතෙන්නේ. 

නනාත්ව කථා - නොයෙක් නොයෙක් ආකාරයේ කථාවන්, ලොකබ්‍යායිකාය කථා - ලෝකයේ අග මුල ගැන කරන කථාවන්, සමුද්‍රාබ්‍යායිකාය කථා - සමුදුරේ අග මුල ගැන කරන කථාවන්, ඉතිභවාභකථා - භවයෙන් භවය ආදී ගැන කරන කථාවන් ආදී වන අගක් මුලක් නොපෙනෙන කෙදිනකවත් තමන්ට වටහාගන්නට පහසු නොවන මාතෘකා සම්බන්ධයෙන් පියවි ඇසෙන් හෝ පංච ඉන්ද්‍රීය ගෝචර මනසකට පහසුවෙන් නොවැටහෙන කතාවන් කිරීම නුසුදුසුයි කියලා බුදු හිමියන් පෙන්වා දුන්නා.  මේවා කෙලවරක් නැතිව කථා කරනවා මිසක් කෙදිනකවත් නිගමනයකට පත්වෙන්නට අපහසු තමන්ටම අත්දැකගන්නට අපහසු මාතෘකා නිසාවෙන් කථා කරයි කියලා ලැබෙන ප්‍රයෝජනයක් නැති නිසාමයි මේ දේවල් කථා කරන්න එපා කියලා කියන්නේ.

මේ දේවල් සවිස්තර වශයෙන් ලියන්න අවශ්‍ය නැත්තේ මේ දේවල් ඔබ විසින් ඔබතුලින්ම සොයාගත යුතු නිසාමයි.  මෙන්න මේ මාතෘකාවට මගේ කැමැත්තක් තියෙනවා, මේ කථාව මම කරනවා, මම මේ කථාවන් ඇසුරු කරන්න කැමතියි කියලා තමන් විසින් තමන් ගැනම සොයා බලා මිදිය යුතු වෙනවා.