යමක ඇරඹුම යනු යමක නිමාවයි!

ජනවාරි 2019 කතු වැකිය

යමක ඇරඹුම යනු යමක නිමාවයි!

සටහනේ අන්තර්ගතය

2018ත් අවසන් වුණා... 2019 පටන්ගන්නවා... අලුත් වසරක්... අලුත් බලාපොරොත්තු.... හැමදාම වගේ... එහෙම නේද? ගිය වසරේ දේවල් ඉටු වුණාද? ඉතිරි දේවල් මේ වසරටද? තවමත් හොයන්නේ එළියේමද? ඇතුලට එඹෙන්නට වෙලාවක් ලැබුනේම නැත්ද?

වසරක නිමාවත් සමඟ තවත් වසරක ඇරඹුම

අලුත් බලාපොරොත්තු... අලුත් සිහින...

අපට අමතක වෙනවා...

අප පසුගිය වසරත් ඇරඹුවේ මේ වගේමයි කියලා...

මේ වගේම බලාපොරොත්තු... මේ වගේම සිහින...

ඇත්තටම අපට අමතක වෙලා...

අප මෙපමණ කාලයක් ගෙවුණු...

සෑම වසරක්ම ඇරඹුවේ...

මේ ලෙසින්මයි කියා...

නැවත නැවතත්... නැවත නැවතත්...

කිසිදු වෙනසක් නැතිවම...

මේ වසරේදීවත් අපේ සිහින සැබෑවේවි...

යන එකම බලාපොරොත්තුව ඇතිව...

අපේ ජීවිත නැවතිලා...

එක රාමුවක සිරවෙලා...

අපි අවදිවෙමුද? මේ වසෙර්දීවත්?

අවදිවෙලා විමසා බලමුද

අපි ගෙවා ගෙන යන... අප හඹා යන...

අපි කොටු වී සිටින මේ රාමුව?

අනෙක් සෑම වසරකම වගේ...

මොහොතින් මොහොත...

දිවියෙන් දිවිය... ගෙවී යන දේ...

මන්ද අප සිරවෙලා... එක රාමුවක... එකම මතයක...

අපට හසුවෙන්නේ නෑ...

එකම කතාවක් අලුත් කවරයක් ඇතිව ලැබෙන බව...

අප කවරයේ රසිකයන් වෙනවා...

ඇතුලත කතාව මඟ හැරෙනවා...

දැන්වත් අවදි වී විමසා නොබැලුවොත්...

නැවතත් එයම සිදුවේවි... පසුගිය වසරේ වගේ...

ඒ නිසා අවදි වෙන්න!!! මේ වසරේදිවත්!

තෙරුවන් ආශිර්වාදයන් ලැබ ප්‍රඥවෙන් පිරුණු වසරකට සුභාශිංසන!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා