බහා බැලීම

  01 පෙබරවාරි 2013

ත්‍රිපිටකයේ මේ දහම් කොටසේ හැටියට නම් පෙන්වා දී තිබෙන්නේ චතුරාර්ය සත්‍ය නැමැති සූත්‍රයට බහා බලන්න කියලයි.  රාග විනය, ද්වේශ විනය මෝහ විනය නම් වූ විනයට සැසඳෙනවාදැයි කියලා විමසා බලන්නයි.  පටිච්ච සමුප්පාද ධර්මයට ගැලපෙනවද කියලා විමසා බලන්නටයි. 

“කතමස්මිං සුත්තෙ ඔතාරයිතබ්බානි: චතුසු අරියසච්චෙසු.“

කවර සූත්‍රයෙක අවතරණ කළ යුත්තාහ යත්: සතර ආර්ය සත්‍ය සූත්‍රයෙහි යැ.

“කතමස්මිං විනයේ සන්දස්සයිතබ්බානි: රාග විනයෙ දෝසවිනයෙ මොහ විනයෙ.“

කවර විනයක සසඳාලියැ යුත්තාහ යත්: රාග විනයෙහි දෝසවිනයෙහි, මෝහ විනයෙහි යැ.

“කතමියං ධම්මතායං උපනික්ඛීපිතබ්බානි: පටිච්චසමුප්පාදෙ.“

කවර ධර්මතායෙක බස්වාලියැ යුත්තාහ යත්: ප්‍රතීත්‍යසමුත්පාද ධර්මතායෙහි යි.

ඉතින් ත්‍රිපිටකයේ තිබුණත් මේ කොටස නිවැරදිද කියලා දැනගන්නටත් ක්‍රමයක් තියෙන්න එපැයි නේද?  ඒකට තමයි මුලින්ම කල යුතු විමසුම සිහි තබාගන්නැයි සිහිපත් කලේ.  මේ කියන දේත් නිවනට හේතුවන... නිවන පිණිසම වූ පැවැත්ම නවත්වා දමන දහමක්ද කියලා අපි මෙතැන් පටන් විමසා බලමු!