සූත්‍රය සහ විනය

  01 පෙබරවාරි 2013

සූත්‍රයයි විනයයි ධර්මයයි කිව්වාම ගොඩක් අය මෙන්න මෙහෙමත් කියනවා.  බහා බැලිය යුතු සූත්‍රය නම් ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ සූත්‍ර පිටකයලු... බහා බැලිය යුතු විනය නම්  ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ විනය පිටකයලු.... ධර්මය නම් අභිධර්ම පිටකයලු...  තවත් අයෙක් කියනවා සූත්‍රාභිධර්මපිටකයේ "සුත්ත" කොටසත් විනය පිටකයත්ලු...  තවත් අයෙක් කියනවා සුත්ත විභඞගයත් විනය පිටකයේ ඛන්ධක කොටසත්ලු... තවත් අයෙක් කියනවා මුළු ත්‍රිපිටකයම සූත්‍රයයි එහි කාරණය තමයි විනය කියලා කියන්නේ කියලා... ධර්මය කිව්වාම පිරිසක් කියනවා ත්‍රිපිටක ග්‍රන්ථ වල තිබෙන ධර්මයට තමයි අප විසින් බහා බැලිය යුත්තේ කියලා... නැවතත් මත ගොඩයි... කව්රු කොහොම කිව්වත් මේ දහම් විග්‍රහ ආරම්භ කලේ ඔබට කුමක් විමසන්න කියලාදැයි සිහියේ ඇතිනේ නේද?   ඒ අතර ත්‍රිපිටකයේ මෙයට තිබෙන පිළිතුර අප ඒ කිව්ව දේට ගැලපෙනවද කියලා විමසා බලමු. 

සූත්‍ර පිඨකය < ඛුද්දක නිකාය < නෙත්තිප්‍රකරණය < පටිනිද්දෙසවාරො < 3. යුත්තිහාර විභඞගය < ග්‍රන්ථයේ පිටුව 39 (PDF පිටුව 58) යන ස්ථානයේ පළවෙනි ඡේදය හොඳින් කියවා බලන්නට ඔබ සැමටම හැකියාවක් තියෙනවා. මේ සටහනට මම එහි වැදගත්ම කොටස උපුටා දක්වන්නම්... 

ඉතින් මෙහි කහපාටින් හුවා දක්වා ඇති කොටස පේනවනේ...  ඒ තමයි වැදගත්ම කොටස.