සියල්ල මායාවක් කිසිවක් නෑ...

  01 පෙබරවාරි 2013

තවත් විග්‍රහයක් ලැබෙනවා... “මේ සියල්ල මායාවක් විතරයි ඔබත් නෑ මමත් නෑ කිසිත් නෑ“ කියලා.  බැලූ බැල්මට නැවතත් නියම දහමක් වගේ. 

ඒත් සූත්‍රයට ධර්මයට විනයට ගැලපෙන්නේ නෑ.  ඇයි ඒ?

ප්‍රශ්ණය නිවැරදිව විග්‍රහ කරන්නට මෙවැනි දහම් විග්‍රහයන්ට නොහැකියි.  කිසිත් නෑ මායාවක් කියනවා හැරෙන්නට අප දැනට අත්දකින තත්වය අපට ඇත්තක් වශයෙන් දැනෙන තත්වය විග්‍රහ කරදෙන්නට මේ විග්‍රහයන් අසමත් වෙනවා.  දැනට පවතින තත්වයට නිවැරදි හේතුව පෙන්වන්නට එසේ නම් නොහැකි වෙනවා. 

විසඳුම විදියට කිසිත් නෑ කියන තීරණය ගන්නවා.  මාර්ගය විදියට එයම ප්‍රගුණ කරන්නට උපදෙස් ලැබෙනවා.  හේතු ඵල දහමට අනුව සකස් වෙන කිසිම දෙයක් විග්‍රහ කරන්නට නොහැකි වෙනවා.  රාග ද්වේශ යටපත් වෙනවා මෝහය තදින්ම බැසගන්නවා.  අති සියුම්ව රාග ද්වේශ මෝහ යෙදෙන අවස්ථාවක් නිසා බොහෝ දෙනෙකුට මේ කියන ආකාරයේ දහම් තෝරාගන්නට අපහසු වෙනවා.  නිවැරදි දහමක් සේ දැනෙනවා.