ඔබත් නීරෝගී වන්න!

  18 නොවැම්බර් 2015

එසේ නම් ඔබට පිළිකා තියෙන්නට හැකියි... හෘද රෝග තියෙන්නට හැකියි... වකුගඩු, අක්මා, අස්ථි ආදී නොයෙක් කායික රෝග තියෙන්නට හැකියි... මේ කුමන කායික රෝගයකට වුවත් ඔබට හැකි ලෙසකින් කල යුතු ප්‍රතිකර්මයන් කරගන්න.  එහි කිසඳු වරදක් නෑ. 

එහෙත් "කරන ප්‍රතිකර්මයන් අනිවාර්යෙන්ම සාර්ථක වේවි.  මට නැවත රෝගීබවක් නොවේවි.  මට මේ රෝගීතත්වයෙන් ඉක්මනින්ම මිදීමක් වේවි... මගේ මරණය කල්දමාගැනීමට මට හැකිවේවි.   මට දුක්ඛිත මරණයක් නොවේවි" ආදී සුරංගනා ලෝකයක් වැනි හීන ලෝකයක සිටින්නට පුරුදු නොවන්න!

ඔබට සුව වන්නටද හැක... සුව නොවන්නටද ඉඩ ඇත... ඔබට දුක්ඛිත මරණයක් ලැබෙන්නටද නොලැබෙන්නටද අවස්ථාව ඇත.  එය තීරණය වන්නේ ඔබගේ සිතේ රෝගී තත්වය මතයි.  සිතේ රෝගය දරුණු තරමින් ඔබ කියන

කරන සිතන දේවල් ඔබට දුක්ඛිත මරණයක් ලබන්නට හේතු ගෙන දේවි! 

ඔබට සුවපත් සිතක් ලැබෙන තරමින් ඔබගේ මරණය සුවදායී වේවි.  මෙන්න මේ යථාර්ථය ඔබ විසින් නුවණින් දැකගැනීමටයි ඔබගේ ජීවිතය කැප කල යුතු වන්නේ. 

ඔබට දරුවන් සිටින්නට හැකියි... දෙමව්පියන්ගේ යුතුකම් තිබෙන්නට හැකියි... සහකාරයාගේ සහකාරියගේ වගකීම් තියෙන්නට හැකියි... ඒත් ඒ කිසිම දෙයක් ඔබගේ සිත සුවපත් කරගන්නා වැඩපිලිවෙලට බාධාවක් නොවෙයි.  ඔබට වුවමනාව තිබේ නම් එය කරගන්නට හැකි දෙයක් බව ඔබටම වැටහේවි.