බුදුහිමියන් බෙහෙත් අනුමත කලාද?

  18 නොවැම්බර් 2015

ඔව්!  අනිවාර්යෙන්ම, බුදු හිමියන් බෙහෙත් ගැනීම අනුමත කලා තමයි.  විවිධාකාර රෝගාබාධයන්ගෙන් පීඩාවට පත්වූ හිමිවරුන්ට ඒ ඒ අවස්ථාවලදී ගත යුතු බෙහෙත් වර්ගද පෙන්වා දී තිබෙනවා. 

සියලු රෝගයන්ට නියම ප්‍රතිකර්මය වන "ගව මුත්‍රා වල බහා තැබූ අරළු" බෙහෙත් වශයෙන් පානය කරන්නට හැකි නම් මහණ දම් පුරන්නට එන්න කියලත් කිව්වා. 

ඒ කියන්නේ සම්මතයේ විවිධාකාරයේ බෙහෙතක් සපුරාගන්නට නොහැකි අවස්ථාවක පහසුවෙන් සපුරාගන්නට හැකි සාර්ථක බොහෝම මූලික මට්ටමේ ඖෂධයක් තමයි ඒ පෙන්වා දුන්නේ. 

මහණ දම් පුරනන් හට ආහාර, සිවුරු, සේනාසන සහ බෙහෙත් ඖෂද තමයි මූලික අවශ්‍යතාවයන් ලෙසින් ලබාදිය යුතු "සිව්පසය" ලෙසත් පෙන්වා දුන්නේ.

ඉතින් මේ සටහනෙන් කියන්නේ ඔබට කායික රෝගයන්ට බෙහෙත් කරගන්නට එපා කියලා නම් නෙවේ.  එහෙත් නියම රෝගය හඳුනාගෙන එයට පිළියම් කරන්න එවිට ඔය කායික රෝගයන් නිසාවෙන් ඔබ දැනට මුහුණ දෙන බොහෝ වෙහෙසකර අධික දුක්ඛ සහගත තත්වයන් අවම කරගන්නට හැකි වේවි.  මේ සටහන වෙන් කරන්නේ ඔබ මුල් තැන දිය යුත්තේ කුමන ආකාරයේ රෝගාබාධයන් සුවකරගැනීමටද යන්න පෙන්වා දෙන්නටයි. 

ඉතින් බුදු හිමියන් පවා බෙහෙත් අනුමත කලේ පෙන්වා දුන්නේ, කායික රෝගයන්ගේ නීරෝගීකමට වඩා මානසික නීරෝගීබව ලබාගැනීම පිණිස ඒ වෙනුවෙන් බෙහෙත සපයාගන්නට කැපවී සිටින කෙනෙකුටයි. 

පැවදි වෙසින් හෝ වේවා ගිහි වේශයෙන් හෝ වේවා ලෞකික වැඩපිලිවෙල තුල නිරත වෙමින්, ගිහියෙක්වී කියන කරන සිතන කටයුතු 99%ක්ම තිබියදී, ඒ වෙනුවෙන් වීර්ය කරමින් කැපවී කාම මඩේ ලැග ගෙන සිටිමින් කටයුතු කරන්නෙක් නම් මේ සටහනෙන් පෙන්වා දෙන කරුණු සම්බන්ධයෙන් නැණවත්ව විමසා තීරණයක් ගැනීමම සුදුසු වෙනවා. 

1%ක් පමණ ප්‍රමාණයක දහම් කටයුතු වල නිරත වෙමින්, තමන්වම රවටා ගැනීම පිණිස නිවන් මාර්ගය පිණිස කටයුතු කරනවා යැයි කියන යමෙක් වේ නම් "බුදු හිමියනුත් බෙහෙත් දුන්නා යැයි" ආදී වශයෙන් තමන්ගේ අසහනකාරී වැඩපිලිවෙල සාධාරණීකරණය කරමින් හේතු දක්වන්නට පෙර සිතන්නට නම් බොහෝ දෑ තිබෙනවා.