වෙහෙසක් පමණයි!

  18 නොවැම්බර් 2015

"ආරෝග්‍යා පරමා ලාභා - නිරෝගීකම උතුම් ලාභයයි"යන්නෙහි නිවැරදි අර්ථය පෙන්වා දෙන්නාවූ සූත්‍ර දේශනාව {සූත්‍ර පිටකය > මජ්ඣිම නිකාය 2 (මජ්ඣිම පණ්ණාසකය) > 3. පරිබ්බාජක වග්ගය > 5. මාගන්දිය සූත්‍රය > පිටු අංක 288 - 306 (පී.ඩී.ෆ් පිටු අංක 303 - 322) } තුල බුදු හිමියන් මෙන්න මෙසේ පවසනවා...

ඒ සුදු වර්ණය හඳුනාගන්නට නොහැකිවූ අන්ධ පුද්ගලයාගේ පවුලේ අය ඥාති හිතමිතුරන් එකතුව හොඳ ශෛල්‍ය වෛද්‍යවරයෙක් ගෙන්වා අන්ධබව ඇස්

නැවත පෙනීමට සලස්වන්නට බෙහෙත් කරනවා.  බොහෝ උත්සාහ කලත් ඇස් පෙනීම ලැබෙන්නේ නැතිනම් වෛද්‍යවරයා වෙහෙසට පත්වනවා පමණයි නේද? කියලා බුදු හිමියන් මාගන්දිය බමුණාගෙන් අහනවා.

"එසේම මාගන්දිය ඔබත් මා මෙතරම් විස්තර කර පැවසූ පසුත් "ආරෝග්‍යා පරමා ලාභා - නිරෝගීකම උතුම් ලාභයයි" යනු කායික නීරෝගීබවක් උදෙසා කියූ දෙයක් ලෙසින් සිතුවහොත් ඔබට සැබෑ නීරෝගීබව දකින සැබෑ ඇස පහල වී නැති නිසා ඔබට ඒ කරුණු පෙන්වා දුන් මට වෙහෙසක් පමණක්මයි" කියලා බුදු හිමියන් වැඩිදුරත් උපමාවට සසඳා කියනවා. 

එහෙත් අන්ධ පුද්ගලයාට කල වෙදකම සාර්ථක වී ඔහුට ඇස් පෙනීම ලැබුනේ නම් සුදු වර්ණය දකිනවා... පිරිසිදු බව දකිනවා... එවිට වෛද්‍යවරයාටත් කාලය අපතේ යෑමක් ඵලක් නැති වෙහෙසක් දැරූ බවක් වෙන්නේ නෑ. 

අන්න ඒ වගේ මාගන්දියා මේ සැබෑ නීරෝගීකම හඳුනාගන්නවා... දහම් ඇස පහළ වෙනවා... ඒ නීරෝගීභාවය ලබන්නට හැකි වැඩපිලිවෙලට පත්වෙනවා... අවසන අරිහත්වයට පත්වී නීරෝගීභාවය ලබමින් සුවපත් වෙනවා!